පසුගියදා මහනුවරදී අත්අඩංගුවට ගත් සුඛෝපබෝගී වාහන දෙකට තමා සම්බන්ධ බව ඔප්පු වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රතිඥා දී තිබේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ එම වාහනවලට තමාගේ සම්බන්ධයක් නොමැති බවයි.
“මම දේශපාලනය කළේ දූෂණ වංචා කරන්න නෙවෙයි. මම කියන්න කැමතියි මේ වගේ සිද්ධි තියෙනවා නම් ඇත්ත දැනගත්තට පස්සේ ඒ ගැන කතා කරන්න.” යැයිද ඔහු පැවසීය.
එම වාහන දැන් තම බෑණාගේ සොහොයුරාට අයත් බවට නවතම වාර්තා සඳහන් කරන බව පවසමින් ඔහු ප්‍රශ්න කළේ “මගේ හිතවතෙකු වරදක් කළහොත් එය මගේ වරදක්ද? මම වගකිව යුතුද?”
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ තමන් වරදක් කර ඇත්නම් තමන්ට චෝදනා එල්ල කරන ලෙසයි.
තමන් මෙම සුඛෝපභෝගී වාහන දෙකට සම්බන්ධ බව කිසියම් අයුරකින් ඔප්පු වුවහොත් දේශපාලනයෙන් ඉවත් වී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකත්වය ඉවත් කරන බවද හිටපු අමාත්‍යවරයා පැවසීය.
පසුගියදා මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසක ගරාජයක තිබී මහනුවර අපරාධ කොට්ඨාශය විසින් BMW මෝටර් රථයක් සහ සුඛෝපභෝගී SUV රථයක් සොයා ගැනීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළ කළේය.
මෙම රථය හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඥාතියෙකුට අයත් එකක් බවත් ඔහු වරාය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ එකක් බවට සැක කෙරෙන බවත් මුලින් වාර්තා වුණා.