ශ්‍රී ලංකාව ජාතියේ අවසන් විධායක ජනාධිපතිවරයා පත් කරගත් බව බව ජාතික ජන බලය (NPP) දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
අද මාධ්‍ය අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ මෙම ජනාධිපති ධුරයෙන් පසු විධායක ජනාධිපතිවරයෙකු පත් නොවනු ඇති බවයි.
“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ජනාධිපතිවරයෙක් දැන් පත්වෙලා. ඒ සඳහා මහජනතාවගේ සහය ලබාදෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් ඒ අනුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් එන්පීපී දේශපාලන මණ්ඩල සභිකවරයා තහවුරු කළේය.
“මේ ආරම්භය පමණයි. පුරවැසියන්ගේ පිළිගැනීම සහ සහයෝගය ඇතිව අපි මේ ජාතිය ගොඩනඟනවා.” සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසීය.