මින් ඉදිරියට පොලිසියට දේශපාලන බලපෑමෙන් තොරව යාමට හැකියාව බව අමාත්‍ය විජිත හේරත් පවසයි. එතුමා මේ බව ප්‍රකාශ කරේ අද දින මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් වැඩ බාරගත් අවස්ථාවේදීයි.
ලංකාවේ පොලිසිය පිළිබදව මහජන විශ්වාසය බිදී ගොස් බව පැවසු එතුමා නැවත එම විශ්වාසය ඇති කරගැනීමට කටයුතු කල යුතු බවට අවදාරණය කළා.
මින් ඉදිරියට දේශපාලන අවශ්‍යතා මත ස්ථාන මාරු හොර බලපෑම් සිදු නොවන බවත් පොලිසියට ස්වාදීනව වැඩකටයුතු කරගනයමට අවශ්‍ය දේසපාලන සංස්කෘතියක් නව ආණ්ඩුව මගින් ඇති කරන බව ඒ මහතා ප්‍රකශ කළා. දේශපාලනිකව මිතුරක් උවත් යම්කිසි වරදක් කරත් නීතිය ක්‍රියාත්මක කල යුතු බවද එතුමා ප්‍රකාශ කළා.
මිට අමතරව දැනට පවතින ගුවන් බලපත්‍ර හිගය ඔක්තෝම්බර් මද බාගය වන විට විසදන බවද එතුමා සදහන් කර සිටියා .
මිට පෙර පවතී ආණ්ඩුවද එම කාලය තුල කලින් ඇනවුම් කල ගුවන් බලපත්‍ර ලැබෙන බව ආණ්ඩුව පෙරලෙන්නට කලින් දන්වා තිබීමද විශේෂත්වයක්.