Headlines

අර්ජුන් ඇලෝසියස් ඇතිලු තිදෙනෙකුට මස 6ක සිර දඩුවම්

කොලොබ මහේස්ත්‍රාත් අදිකරණය මගින් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හරිම නිසා අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මස 6ක සිර දඩුවම් අද (14) නියම කලා. ඩබ් . එම් මෙන්ඩිස් නම් වූ මත්පැන් නිෂ්පාදන ආයතනය මගින් රජයට අයත් විය යුතු රුපියල් බිලියන 3.5 සුරා බදු ගෙවීම පැහැර හැරීම නිසා එම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙකුට මෙසේ සිර දඩුවම් නියම විය.

මෙම නඩුව ඉකුත් වසරේ නොවැම්බර් මස 14 දින කැදවූ අවස්ථාවේ එම හිග බදු මුදල වහාම රජයට ගෙවන ලෙස අදිකරණය මගින් නියෝග නිකුත් කර තිබුණි , නමුත් එම බදු මුදල මේ දක්වා ගෙවීමට අපොහොසත් වීම නිසා අද දින මෙම සිර දඩුවන් මේ පුද්ගලයන්ට නියම විය.

අර්ජුන් ඇලෝසියස් යනු ප්‍රශ්නගත බැදුම්කර ගනු දෙනුව සම්බන්දයෙන් චෝදනා ලබා මාස කිහිපයක් රිමාන්ඩ් බන්දනගාරව සිටි අයෙකි.