Headlines

ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වී ඇත: ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර පුරෝකථන පවා අබිමවමින් 2024 වසර තුල 4.4 වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව ලෝක බැංකුව තම නවතම වාර්තාවෙන් පෙන්වා දෙයි.මෙම ධනාත්මක ඉදිරි දැක්ම අඛණ්ඩව කාර්තු හතරක් කාර්මික හා සංචාරක අංශයන් වල දියුණුවත්, තීරණාත්මක ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වල වෙනස් වීමත් මෙයට හේතු බව බව ලෝක බැංකුව පවසයි.

මෙම අර්ධ වාර්ෂික වාර්තාව අනුව ආර්ථිකය තව දුරටත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑම, ණය සාර්ථකව ප්රතිව්යුහගත කිරීම සහ මධ්‍ය කාලීන වර්ධනය වැඩි කිරීමට සහ දරිද්‍රතාවය අඩු කිරීමට අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ යන කරුණු මත රදා පවතින බව අවධාරණය කරයි.

වෙළෙඳාම තුළින් ඉහළ සහ තිරසාර වර්ධනයක් අත්කර ගැනීමට රටට ඇති හැකියාව වාර්තාව අවධාරනය කරයි.ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 10ක් ඉකමවූ විදේශ විනිමය සංවර්ධන අවස්ථාවක් ඇති අතර, එය නව රැකියා 142,500ක් පමණ නිර්මාණය කළ හැකිය.අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා නම්, නිෂ්පාදන, සේවා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවල විදේශ විනිමය විවිධීකරණය කිරීම සහ පුළුල් කිරීම සඳහා විශාල අවස්ථාවක් ඇත.

පසුගිය පැවැති ආණ්ඩුව විසින් කරන ලද දැඩි ආර්ථික ප්‍රතිසංසකරණ , ණය ප්‍රතිවියුහගතකරණය , සංචාරක සේවා වර්ධනය මෙම වර්ධනයට හේතු වී තිබේ.