Headlines

5 ශිෂ්‍යත්ව විබාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටකළ ටියුෂන් ගුරා බාරවේ

5 ශිෂ්‍යත්ව විබාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටකර ළමුන් අතරට ලබාදුන් සිදුවීම සම්බන්දයෙන් කරන විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වයස 45ක් වන කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු වන මොහු මෙසේ කලින් පිටකළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තම උපකාරක පන්තියේ ළමුන්ට ලබාදුන් බවට චෝදනා ලබා සිටි. පොලිසිය සොයමින් සිටි මොහු නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට බාර වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ගන්නා බවට පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයාද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබෙන අතර විභාගය නැවත පැවැත්වීමේ තීරණයක් තවම අමාත්‍යංශය ලබාගෙන නැත.