හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නේපාලයේ කත්මන්ඩු අගනුවරට පැමිණි බව නේපාලයේ වෙබ් අඩවියක් වාර්තා කරයි.
ඊයේ දින අලුතින් පත් වූ ජනාධිපති දිවුරුම් දීම අතරතුර හිටපු ජනාධිපති නේපාලයට පැමිණි බව එම පුවත් වෙබ් අඩවිය තහවරු කරයි.
හිටපු ජනාධිපතිතුමා නේප්ලයේ කත්මන්ඩු අගනුවරට පැමිණ ඇත්තේ භූතානයේ තිම්පු අගනුවර සිට බව තව දුරටත් එම වෙබ් අඩවිය සදහන් කරයි.
නේපාලයේදී මහතාව පිළිගෙන ඇත්තේ එරට බිලියනපතියෙක් වන බිනොඩ් චාවුද්රි බව එම වෙබ් අඩවිය තහවරු කරයි.
කත්මන්ඩු හි දින දෙකක රැඳී සිටීමෙන් පසු ඔවුන් බදාදා භාරත්පූර් වෙත යාමට සැලසුම් කර ඇත.
චිට්වාන් හි දින තුනකට පසුව, ඔවුන් ලබන ඉරිදා කත්මණ්ඩු වෙත ආපසු යාමට පෙර ලුම්බිණිය නැරඹීමට නියමිතය.
රාජපක්ෂට සත්කාර කරන නේපාල ව්‍යාපාරික බිනෝද් චෞද්රිට ශ්‍රී ලංකාවේ හෝටල් සහ බැංකු මෙන්ම ඉන්දියාව සහ මාලදිවයින ඇතුළු දකුණු ආසියාව පුරා ව්‍යාපාර ඇත.