හිටපු විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සිය අමාත්‍යංශයෙන් ඊයේ ඉවත් වී තිබේ.
ඊයේ(23) දින රජයට අයත් සියලු වාහන සහ සම්පත් සියල්ල බාරදුන් බවට එ මහතා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටි.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රට තුල ප්‍රමාණවත් තරම් කනිජ තෙල් සහ ගල් අගුරු ඇති බවටත්, තම දෙපාර්තමේන්තුවේ මුල්‍ය ශක්තියද ඉහල දමා තමන් පිටව යන බව සටහන් කර තිබේ.
රටේ සියලුම ආයතන මේ වනවිට යම් කිසි අයුරකින් ධනාත්මකව පවතින බවත්, එහි සේවාවන් සඳහා පිරිවැය අයකර ගැනීම, සැපයුම්කරුවන් සඳහා නියමිත වේලාවට ගෙවීම් කිරීම, හිඟ ණය සඳහා සේවා සැපයීම සහ එය උපයන අමතර ආදායමෙන් භාණ්ඩාගාරයට සැපයීම සහ සහාය වීම යනාදී කටයුතු සිදු කර ඇති බවයි ඔහු සඳහන්කර ඇත්තේ.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුති කල එතුමා , පසුගිය වසර 2ක කාලය තුල උදව් කල සියලුම දෙනාට තම ස්තුතිය පුද කර සිටි.