Headlines

අලුතින් ණය ගැනීමක් හෝ මුදල් අච්චු ගැසිමක් සිදු වී නැහැ – විජිත හේරත්

නව රජය පත්වීමෙන් පසුව අලුතින් විදේශ රටකින් හෝ ආයතනයකින් ණය ලබා ගැනීමක් සිදු කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා අද මාද්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මීට අමතරව අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බවද එතුමා අවදාරණය කළේය. එතුමා මේ බව ප්‍රකාශ කලේ සමාජ මාද්‍ය වල සංසරණය වන පුවත් සම්පුර්ණයෙන්ම අසත්‍ය බව දන්වමිනි.

පසුගිය දින වල මහා බැංකුව විසින් කල්පිරුණු බාන්ඩාගාර බිල්පත් වලට සහ මහබැංකු බැදුම්කර සදහා මුදල් ගෙවීමට නව බාන්ඩාගාර බිල්පත් සහ බැදුම්කර නිකුත් කර මුදල් ලබා ගත් බවත් එම ක්‍රියාවලිය මේ ආණ්ඩුව පමණක් නොව සැම දිනකම සිදු වූ ක්‍රියාවලියක් බවත් එතුමා සහතික විය.

මිට අමතරව මුදල් ඇමති විදියට ජනපති අනුර කුමාර මහතාගේ අත්සනින් යුත් නව මුදල් අච්චු ගැසීමට ඔවුනුත් අසාවෙන් සිටියත් එවැනි මුදල් අච්චු ගැසීමක් තවම සිදු කර නොමැති බවද ප්‍රකාශ කළේය .